
ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ සමාගම් දෙකක් වන Tomorrow Financial Solutions (TFS) සහ LOLC Holdings PLC දැවැන්ත හවුල්කාරිත්වයකට එක්ව සිටිනවා.
එය දේශීය මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයින් සඳහා සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම සහයෝගීතාවය මගින් ඔස්ට්‍රේලියාවේ ආයෝජනය පුළුල් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනය සඳහා පෙර නොවූවිරූ අවස්ථා විවෘත වනු ඇති.
TFS, පසුගිය දශකය තුළ පළමු වරට නිවාස මිලදී ගන්නන් සඳහා නිවාස ණය, ව්‍යාපාර මූල්‍යකරණය සහ ආයෝජන මගපෙන්වීම් හරහා ශ්‍රී ලාංකික ප්‍රජාවට මෙන්ම ඔස්ට්‍රේලියානුවන්ට ද මූල්‍ය පහසුකම් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනවා.
TFS ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස ණය අවශ්‍යතා සපුරාලීම සහ ඔවුන්ගේ සේවාවන් සඳහා මූල්‍ය අංශයෙන් සුවිශේෂී දායකත්වයක් සපයනු ඇති.
ශ්‍රී ලංකාවේ විශාලතම ගෝලීය සාර්ථක ව්‍යාපාරයක් වන LOLC Holdings මේ වනවිට රටවල් 25 ක් පුරා ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මෙම සහයෝගිතාව හරහා LOLC හි ගෝලීය විශේෂඥතාව සහ මූල්‍ය විශිෂ්ටත්වය දැන් ඔස්ට්‍රේලියානු වෙළඳපොළට සෘජුවම ප්‍රවේශවීමේ අවස්ථාව උදාකරනු ලබනවා.
TFS සහ LOLC අලුත්ම පියවරක් ලෙස දියුණු මූල්‍ය විසඳුම්, නව්‍ය තාක්ෂණය සහ තිරසාර මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීමේ උපාය මාර්ග පාරිභෝගිකයින්ට ලබාදීමටයි සූදානමින් සිටින්නේ.
නිවාස ණය සහ මූල්‍ය සැලසුම්කරණයේ වෘත්තිය බලපත්‍ර හිමිකර ගනිමින් බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට පරම්පරා ගණනාවකට මූල්‍ය ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට TFS කටයුතු කළා.
මෙම හවුල්කාරිත්වය ව්‍යාපාර සඳහා පමණක් නොව ආර්ථික පරිවර්තනයක් මගින් ගෝලීය වශයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව නඟා සිටුවීමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති.
මේ පිළිබඳ වැඩිවිස්තර පහත දැක්වෙන Tomorrow Financial Solutions (TFS) සම්බන්ධ කර ගැනීමෙන් ඔබට ලබාගත හැකි වනවා .
WEB :- Tomorrow Financial Solutions
E-mail : – connect@tomorrowfs.com.au
Call us now: 03 9193 3634